බන්ධනාගාරවල ලේඛනාගාර ආරක්ෂා කිරීමට වැඩි අවධානයක් යොමු කරන බව පුනරුත්තාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසනවා. ලේඛනාගාර ගිනි තැබීම හෝ වෙනත් ක‍්‍රමයකින් විනාශ කිරීම බන්ධනාගාර සටන්වල ප‍්‍රමුඛ ලක්ෂණයක් වී ඇති බවයි අමාත්‍යවරයා කොළඹ අද (ජන 27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එම මාධ්‍ය හමුව කැදවා තිබුණා.
බන්ධනාගාරවල පරිපාලනය යතාවත් කිරීමේ පටිපාටිය වෙනස් නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. එම පටිපාටිය යටතේ බන්ධනාගාර අධිකාරීවරුන් වසර 03 කට වරක් ස්ථාන මාරු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
නව මැගසින් බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ නොසන්සුන්තාවයෙන් සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 47 ක් බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
0 comments:
Post a Comment