එනසාල් වගාකරුවන්ටත් යන එනමං නැති වෙයි ?

Tuesday, January 17, 2012

ලෝක උරුමයක් වූ නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාකරුවන් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වනවා. අධිකරණ නියෝගයකට අනුව මාතලේ කළුපහන ගම්මානයේ එනසාල් වගාකරුවන් ප‍්‍රථමයෙන් ඉවත් කරනු ඇති. මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. එහිදී ලග්ගල පල්ලේගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා ප‍්‍රකාශ කළේ අදාළ නීතිය මහනුවර දිස්ති‍්‍රක්කයට අයත් කොටසට වලංගු නොවන බවයි. එම නිසා වන සංරක්ෂණ නිලධාරීන් නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී අර්බුදයක් නිර්මාණය කර ඇති බව ඔහු පැවසුවා. කෙසේ වෙතත් මාතලේ දිසා වන නිලධාරී සුමිත‍්‍ර ගුණතිලක මහතා පැවසුවේ කළුපහන රක්ෂිය ලෝක උරුම නකල්ස් වනාන්තරයට අයත් බැවින් වගා කිරීමට හෝ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. වගාවට පොහොර යෙදීම සහ රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා ස්වභාවික පරිසරයට හානියක් සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum