ශ්‍රි ලංකාවත් අමෙරිකාවට පක්ෂ වී ඉරානයට පස්ස පෙන්නයි ?

Tuesday, January 17, 2012

අමෙරිකාව , ඉරානයට තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවුවහොත් මෙරටට අවශ්‍ය බොරතෙල්  ඕමානයෙන් ලබා ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ඉරානයෙන්, සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් ශී‍්‍ර ලංකාව තෙල් ආනයනය කරන බවයි. සපුගස්කන්දේ පිහිටි තෙල් පිරිපහදුවද එම බොරතෙල්වලට උචිත වන අයුරින් ඉදිකර තිබෙනවා. වෙනත් රටකින් තෙල් ආනයනය කරන්නේ නම් තෙල් පිරිපහදුවද නවීකරණය කළ යුතු වනවා. ඊට හේතු වී ඇත්තේ වෙනත් රටවල තෙල්වල අඩංගු සංඝටක හේතුවෙන් සපුගස්කන්දේදී තෙල් පිරිපහදු කිරීමට නොහැකි වීමයි.  ඕමානයෙන් බොරතෙල් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට ඉන්ධන සහ ගෑස් පිළිබඳ අමාත්‍යවරයා ලබන සතියේදී දිවයිනට පැමිණිමට නියමිතයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි කටාර් රාජ්‍ය නායකයා සමග බොරතෙල් ලබා ගැනීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව අමාත්‍යංශය ප‍්‍රකාශ කරනවා. මෙරටට තවත් මාස 3කට අවශ්‍ය  ඉන්ධන මේ වන විට ගබඩාකර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කරන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum