ඉරානයේ අනතුරු ඇගවීමෙන් බටහිර නොසන්සුන් වෙයි

Monday, January 30, 2012

ඇතැම් බටහිර රටවලට ඉන්ධන අලෙවි කිරීම නතර කරන බවට ඉරානය අනතුරු ඇගවීමත් සමග බටහිර රටවල් නොසන්සුන් වී තිබෙනවා. ඉන්ධන අලෙවි නොකරන රටවල් ඉරානය විසින් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත් ජුලි 01 වැනිදා සිට ඉරානයෙන් තෙල් මිලදී ගැනීම අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළා. ඉරානයේ ප‍්‍රධාන අපනයන ආදායම බොරතෙල් වනවා. යුරෝපය සිය ඉන්ධන මිලදී ගැනීම නතර කලත් එය ගැටළුවක් නොවන බවයි ඉරානය සඳහන් කරන්නේ. චීනය, ජපානය, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවලට ද ඉරානය බොරතෙල් අපනයන කරනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum