ගණිකා වෘතියේ නියැලුණු බවට වරදකරුවන් වූ රංගන ශිල්පිණියන් දෙදෙනෙකුට අද (පෙබ 17) ගල්කිස්ස මහේස්‍රාත් අධිකරණය විසින් දඩ නියම කෙරුණා. ඒ එක් අයෙකුට රුපියල් 250 බැගින්. ඔවුන් දෙදෙනාට තුන්මසක සිර දඬුවමක් නියමකර එය වසර පහකට අත්හිටුවීමට ද මහේස්‍රාත් අධිකරණය නියෝග කළා.එලෙස දඩ නියමවුණු රංගන ශිල්පිණියන් වන්නේ සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වායි.
සජිවනි පෙරේරා ජාතික රුපවාහිනියේ විකාශනය වුන ඇඟිලි සලකුණ වැඩසටහන මගින් රංගනයට පැමිණි අතර මේ වනවිට ඇයගේ රංගන දිවියට වසර 8 ක් සපිරි තිබෙනවා. නර්තන ශිල්පිනියක් ලෙස චිත්‍රපටවලට දායකවුණු සජිවනි පසුව නිරුපිකාවක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ අතර පතිනි හා ගෞතමී, ඇතුළු ටෙලි නාට්‍ය රැසකද රෝයි ද සිල්වාගේ ,සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටයේ ද රගපා තිබෙනවා.
සජීවනී පෙරේරා
0 comments:
Post a Comment