ලංකාවේ ඇස් රට පැටෙව්වලු

Monday, February 20, 2012

ශ්‍රී ලාංකිකයන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණීත සමහරක් විදෙස් රට වලට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජාතික අක්ෂ බැංකුව  විසින් ගත වූ වසරේ දී භාරගෙන ඇති අක්ෂ කුනීත සංඛ්‍යාව 450 ක්.  ඒවායෙන් 375 ක් ශ‍්‍රී ලාංකිකයන්ට බද්ධ කළ බව ද  තවත් අක්ෂි කුණීත 15 ක් විදෙස් රටවලට  ලබාදුන් බව ද  සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

මියගිය පුද්ගලයන්ගෙන් අක්ෂි කුණීත ඉවත් කරගැනීම දැනට සිදුකෙරෙන්නේ කොළඹ ජාතික රෝහලේ දී පමණයි. ලබන මාසයේ සිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ද එම පහසුකම් සපයා දෙන බව  ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ අතර අක්ෂි කුණීත පරිත්‍යාග කිරීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකි ක‍්‍රමයක් කඩිනමින් හදුන්වාදෙන බවයි ජාතික අක්ෂි බැංකුව පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum