ලෝකයේ හොඳම ගුවන් තොටුපොළ ලෙස දකුණු කොරියාවේ ඉංචියෝන් අඛණ්ඩව 7 වැනි වරටත් සම්මානයට පාත‍්‍ර වුණා. ඒ අන්තර්ජාතික ගුවන් තොටුපොළ කවුන්සිලයේ වාර්ෂික අධ්‍යයනය පදනම් කර ගනිමින්. කාර්ය මණ්ඩලයේ තිස්පන්දහසක් සිටින ඉංජියෝන් ගුවන් තොටුපොළෙන් වාර්ෂිකව හසුරුවන මගීන් සංඛ්‍යාව මිලියන 25ත් 40ත් අතර ප‍්‍රමාණයක්.
ලෝකයේ ගුවන් හොඳම ගුවන් තොටුපොළ අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ සිංගප්පූරුවටයි. චීනයේ බෙයිජිං ගුවන් තොටුපොළ 3 වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා. 4 වැන් ස්ථානය හිමිව ඇත්තේ හොංකොං ගුවන් තොටුපොළටයි. ජපානයේ නගෝයා ගුවන් තොටුපොළට පස්වැනි ස්ථානය හිමි වී තිබෙනවා. ලෝකයේ හොඳම ගුවන් තොටුපොළ අතර පෙරමුණේ සිටින එම ගුවන් තොටුපොළ පහම ආසියානු පැසිෆික් කලාපයේ වීම විශේෂත්වයක්.
අපි‍්‍රකාවේ හොඳම ගුවන් තොටුපොළ ලෙස දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් ද , යුරෝපයේ හොඳම ගුවන් තොටුපොළ ලෙස මෝල්ටා සහ ලතින් අමෙරිකාවේ හොඳම ගුවන් තොටුපොළ ලෙස මෙක්සිකෝවේ කැන්කන් ද සම්මානයට පාත‍්‍ර වුණා. මැදපෙරදිග හොඳම ගුවන් තොටුපොළ ඩුබායි ගුවන් තොටුපොළයි. උතුරු අමෙරිකාවේ හොඳම ගුවන් තොටුපොළ ලෙස කැනඩාවේ ඔටාවා සම්මානයට පාත‍්‍ර වුණා.
0 comments:
Post a Comment