විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් මෙන්ම අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ ඥාතීන්ද අවස්ථා කිහිපයකදී තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පහරදීම්වලට ලක් වූ බවයි. ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වන සන්දිල් තොණ්ඩමන් මහතා සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර නඬේෂන් මහතාද එලෙස පහරදීමට ලක් වුණා. නඬේෂන් මහතාට පහරදීමේ හේතුව කිසිසේත් අවබෝධ කර ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය ආයතනවල ශී‍්‍ර ලංකා නියෝජිතයන් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡවකදී ජනාධිපතිවරයා පැවසුවේ. නඬේෂන් මහතා උතුරේ වැසියෙකු බවත් හින්දු භක්තිකයෙකු බවත් සිහිපත් කෙරුණා. තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඇතැම් වෙළෙඳසැල්වලින් ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන ඉවත්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ශී‍්‍ර ලංකාවට එරෙහි එවැනි අකටයුතුකම් නවත්වාලීමට මැදිහත්වන්නැයිද ජනාධිපතිවරයා ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා.
0 comments:
Post a Comment