මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපයේ සිටින ශී‍්‍ර ලාංකිකයන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කප්පම් ලබාදීමට කිසිසේත් සූදානම් නැතැයි ධීවර අමාත්‍යංශය පවසනවා. එහි සෝදිසි මෙහෙයුම් භාර සහකාර අධ්‍යක්ෂ ලාල් සිල්වා මහතා පැවසුවේ කොල්ලකරුවන් සමග සාකච්ඡ කිරීමටද සූදානම් නොමැති බවයි. කෙසේ වෙතත් කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපයේ සිටින ශී‍්‍ර ලාංකිකයන් තානාපති සේවා හරහා නිදහස් කර ගැනීමට උත්සහ කරන බව ලාල් සිල්වා මහතා පැවසුවා. එ් සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේද සහය ඉල්ලමින් ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක්ද යවා ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ශී‍්‍ර ලාංකිකයන් ගණන හයක්. ධීවර වෘත්තීයේ යෙදුණු ඔවුන් මීට මාස කිහිපයකට පෙර කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපයට ගැනුනා. ඔවුන් නිදහස් කිරීම සඳහා ඉල්ලා ඇති කප්පම අමෙරිකානු ඩොලර් මිලියන 6ක්. ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 68ක් පමණ වන එම කප්පම ලබන සිකුරාදාට පෙර ලබා නොදුන්හොත් ප‍්‍රාණ ඇපයේ සිටින ධීවරයින් වෙඩි තබා ඝාතනය කරන බවයි ඔවුන්ගේ ඥාතීන්ට දුරකතනයෙන් කතා කරමින් කොල්ලකරුවන් ප‍්‍රකාශ කර ඇත්තේ. එ් සමග ඥාතීන් කම්පනයකට පත්ව සිටිනවා.
0 comments:
Post a Comment