ඉන්දීය ෆීල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී දක්ෂතම රංගන ශිල්පියා ලෙස රන්බීර් කපූර්ද, දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස විද්‍යා බාලන්ද සම්මාන දිනා ගත්තා. මුම්බායි නුවරදී ඉකුත් ඉරිදා රාති‍්‍ර පැවැත් වූ සම්මාන උළෙළේදී හොඳම චිත‍්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ‘‘සින්දගී නා මිලේන්ගි දෝබාරා’’ යි.
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 57 වැනි වරටයි. 2011 වසරේදී ඉන්දියාවේ තිරගත වූ චිත‍්‍රපට සම්මාන සඳහා සලකා බැලූණා. දක්ෂතම රංගන ශිල්පියා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත‍්‍ර වූයේ ‘‘රොක්ස්ටාර්’’ චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. නිරුවත් කය වැඩි වශයෙන් ප‍්‍රදර්ශනය කළේයැයි මතභේදයට ලක් වූ ‘‘ඩර්ටි පික්චර්’’ චිත‍්‍රපටය වෙනුවෙන් විද්‍යා බාලන් දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මානය පාත‍්‍ර වුණා.
මෙම සම්මාන උළෙලේදී දක්ෂතම රංගන ශිල්පියා ලෙස විචාරක සම්මානය දිනා ගත්තේද රන්බීර් කපූර්. දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස විචාරක සම්මානය සෙවන් කූන් මාෆ් චිත‍්‍රපටයේ රඟපෑ පි‍්‍රයංකා චොප්රාට හිමි වුණා. හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූ සින්දගී නා මිලේන්ගී දෝබාරා සෝයා අක්තාර්ගේ අධ්‍යක්ෂණයක්. දක්ෂතම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයද එම චිත‍්‍රපටයට හිමි වුණා. දක්ෂතම සහය නළුවා ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ එම චිත‍්‍රපටයේ රඟපෑ ෆර්හාන් අක්තාර්. නෝ වන් කිල්ඞ් ජෙසිකා චිත‍්‍රපටයේ රඟ පෑ රාණි මුඛර්ජි දක්ෂතම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තා.

අන්තර්ජාතික සම්භාවනාවටද පාත‍්‍ර වී සිටින එ්.ආර්. රහුමාන් රොක්ස්ටාර් චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වනවා. සම්මානයට පාත‍්‍ර වූ ගී පද රචකයා වූයේ ඉර්ෂාඞ් කාමිල්. මෝහිත් චව්වාන් දක්ෂතම පසුබිම් ගායකයා වුණා.
දක්ෂතම පසුබිම් ගායිකාව ලෙස සම්මාන දිනා ගත්තේ සෙවන් කූන් මාෆ් චිත‍්‍රපටය වෙනුවෙන් රේඛා භාරද්වාජ් සහ ඌෂා උතුප්.
මෙම සම්මාන උළෙලේදී දක්ෂතම නැගී එන නළුවා ලෙස් ෆෝර්ස් චිත‍්‍රපටයේ විiුත් ජමාල්ද , දක්ෂතම නැගී එන නිළිය ලෙස ලේඩිස් වර්සස් රිකී බායි චිත‍්‍රපටයේ පරිනීති චොප්රා සහ දක්ෂතම නැගී එන අධ්‍යක්ෂවරයා ලෙස දිල්ලි බෙල්ලි චිත‍්‍රපටය වෙනුවෙන් අබිනේ ඩියෝ ද සම්මාන දිනා ගත්තා.
0 comments:
Post a Comment