දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි මරණය අද සිදුවුණා. පොලිස් ප්රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ කහතුඩුව ප්රදේශයේදී ට්රක් රථයක් පෙරලීමෙන් එම මරණය සිදුවු බවයි. මිය ගිය පුද්ගලයා ට්රක් රථයේ පසුපස ගමන් කළ අයෙකු වනවා. රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා ඇති බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ. ට්රක් රථයේ ටයරයක් පුපුරා යාම අනතුරට හේතුව බව මූලික විමර්ශනවලින් හෙලිවුණා.
0 comments:
Post a Comment