මාතර බෝධිය මත උද්ඝෝෂණය කළ පුද්ගලයා රිමාණ්ඩ්

Tuesday, March 06, 2012

මාතර බෝධිය මත නැගි ඊයේ (මාර්තු 5) උද්ඝෝෂණයක යෙදුණු පුද්ගලයා ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. එම පුද්ගලයා කෙහෙල්ගොඩ, විටියන පදිංචි කමල් කුමාර නමැත්තෙක්. ඔහු උද්ඝෝෂණයක නිරත වුයේ පොලිසියෙන් සිදුවු අසාධාරණයක් සම්බන්ධයෙන් කරුණු කිමට ජනාධිපතිවරයා හමුවිය යුතු බව පවසමින්. මාතර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ද මැදිහත් වීමෙන් උද්ඝෝෂණය අවසන් කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum