ආයෙත් ජනපති

Monday, March 05, 2012

රුසියානු ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් තේරී පත්වීමට ව්ලැඞ්මීර් පුටින් සමත්ව සිටිනවා. අඛණ්ඩ ධුර කාල දෙකකින් පසු ඉකුත් වසර 04 දී ඔහු රුසියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඉකුත් දා පැවති ජනාධිපතිවරණයේ දී යළි තරග බිමට පිවිසි පුටින් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 64 ක්. ඔහුගේ ප‍්‍රතිවාදීන් අතරින් ආසන්නතමයා බවට පත්වෙමින් ජෙනඩි සුගානෝව් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 17 ක් පමණක් බවයි ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවා පැවසුවේ. 
මේ අතර ඊයේ රාත‍්‍රී මධ්‍යම මොස්කව් වෙත රැස්වූ සිය ආධාරකරුවන් ඇමතූ පුටින් පැවසුවේ මැතිවරණයෙන් ජයගත්තේ තමා නොව සමස්ත රුසියාව බවයි. රුසියාව තවදුරටත් පෙරට ගෙන යන බවට ඔහු එහිදී අවධාරණය කළා. කෙසේවෙතත් මැතිවරණය අසාධාරණ බව පවසමින් විපක්ෂ ආධාරකරුවන් දැවැන්ත උද්ඝෝෂණ කැ`දවමින් සිටිනවා. ඔවුන් සිය ක‍්‍රියාකාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ විරෝධය පළකිරීම ස`දහා අද මොස්කව් නුවරට රැස්වන ලෙසයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum