මාතර බෝධීන්වහන්සේ මත නැගී පුද්ගලයෙකු උද්ඝෝෂණයේ

Monday, March 05, 2012

මාතර බෝධින් වහන්සේ මත නැගි පුද්ගලයෙකු අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. එම පුද්ගලයා මත් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකු බවයි පොලිසිය පවසන්නේ. කෙහෙල්ගොඩ, විටියන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා, කමල් කුමාර නමැත්තෙක්. ඔහු උද්ඝෝෂණයක නිරත වුණේ තිහගොඩ පොලිසියෙන් අසාධාරණයක් සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ජනාධිපතිවරයා හමුවිය යුතු බවත් පවසමින්. සිදුවු බව කියන එම අසාධාරණය නම් ඔහුගේ පුත‍්‍රයෙකු තවත් අයෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.
මේ අතර උද්ඝෝෂණය අවසන් කෙරුණේ මාතර කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ද මැදිහත් වීමෙන්. උද්ඝෝෂණයේ යෙදුණු පුද්ගලයා පසුව මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum