ශ්‍රී ලංකා මිරර් වෙනුවෙන් වැටෙන කදුලු

Saturday, June 30, 2012


ශී‍්‍ර ලංකා මිරර් සහ එක්ස් නිවුස් යන වෙබ් අඩවි පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල වැටලීම ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙළාදැක තිබෙනවා. 




ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය හෙළාදකිමු!

ශ‍්‍රී ලංකා මිරර් පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යන කාර්යාලයට පැමිණි රහස් පොලිස් නිලධාරීන් විසින් එහි කතුවරයා ඇතුළු මාධ්‍යවේදීන් 09 දෙනෙකු සහ කාර්යාලීය උපකරණ අත්අඩංගුවට ගෙන ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙය ආණ්ඩුව විසින් ගෙන ගිය මාධ්‍ය මර්දනයේම තවත් එක් දිගුවක් වන අතර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වෙත මර්දනය මුදාහැරීමේ තවත් එක් අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. 
පසුගිය කාලයේ ආණ්ඩුව විසින් බිය වැද්දීම් හා තර්ජන මගින්ද, අනෙක් අතට වරප‍්‍රසාද හා වරදානයන් මගින්ද ලංකාවේ බොහෝ ජනමාධ්‍ය හීලෑ කරගැනීමට කටයුතු කරන ලදී. එවැනි  තත්වයක් යටතේ ආණ්ඩු විරෝධී මාධ්‍ය භාවිතයක පෙරමුණ ගත්තේ පුවත් වෙබි අඩවිය. මෙම සමහර මාධ්‍ය ආයතනයන්හි මාධ්‍ය හැසිරවීමේ රටාව පිළිබඳව අපට එකඟවිය නොහැකි වුවත් ආණ්ඩු විරෝධී පුවත් පළකරනු ලබන මාධ්‍ය ආයතන අරභයා ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත ප‍්‍රතික්‍ෂේප කළ යුතුය. 
මෙයට පෙර එක් අවස්ථාවක පුවත් වෙබි අඩවියක කාර්යාලය ගිණි තබනු ලැබූ අතර ආණ්ඩුව මැදිහත් වී වෙබ් අඩවි ගණනාවක් තහනම් කර හෝ සමහර ආයතනවලට බාධා කර තිබේ. ඒ ආණ්ඩුව මාධ්‍යවලට එරෙහි සිය මර්දනය මුදාහැර ඇති ආකාරයයි. එබැවින් ශ‍්‍රී ලංකා මිරර් පුවත් වෙබ් අඩවියට පොලීසිය මැදිහත් කොට මාධ්‍යවේදීන් රහස් පොලිසියට ගෙන යමින් සිදුකරන මාධ්‍ය මර්දනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අපි මාධ්‍ය මර්දනය නැවැත්වීමටත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමටත් පෙළ ගැසෙන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු. 

විජිත හේරත්
ප‍්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ
2012.06.29



මේ අතර ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් නිකුත් කෙරුණු නිවේදනයකින්ද උක්ත වැටලීම හෙළාදැක තිබෙනවා.


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum