ස්ත්‍රී දූෂකයන්ට දේශපාලනඥයන් සරණ

Saturday, June 30, 2012


බාලවයස්කාර දැරියක් ස්ථාන කිහිපයකදී දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ලෙදී අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දේශපාලනඥයන්ගේ සමීපතමයන් බවට THE TRUTH වෙත තොරතුරු ලැබුණා. එම තොරතුරුවලින් කියවුණේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දිලිප් වෙදආරච්චි මහතා සැකකරුවන් මුණගැසීමට තංගල්ල පොලිස් ස්ථානයට ගොස් ඇති බවයි. එහි සත්‍යතාව කුමක්දැයි THE TRUTH ඒ මහතාගෙන් විමසීමක් කළා.


උක්ත අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැතැයිද ඊට හේතුව ඔවුන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සමීපතමයන් වීම බවද දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. 


මේ අතර දූෂණයට ලක් වූ දැරියගේ වයස අවුරුදු 14ක්. හක්මන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඇය රැකියාවක් සෙවීම සඳහා තංගල්ලට පැමිණි බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. පුද්ගලයන් 9 දෙනෙකු විසින් ස්ථාන කිහිපයකදී ඇය දූෂණය කෙරුණු බවටද තොරතුරු ලැබුණා. ඒ බව තහවුරු කරමින් වැඩබලන පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතා පැවසුවේ සැකකරුවන් 9 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන සිටින බවයි. ලබන මස 10 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum