දුම්රිය විකුණන් කන තවත් මගඩියක්

Wednesday, July 18, 2012


ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවීමට යන රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් THE TRUTH වෙත තොරතුරු ලැබුණා. එම තොරතුරු ලබා දුන්නේ දුම්රිය සේවක අයිතීන් සහ පොදු දේපළ සුරැකීමේ සංවිධානයයි. චීනයේ නිෂ්පාදිත බලවේග කට්ටල 11 ක් සහ සුඛෝපභෝගී දුම්රිය දෙකක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයි එහි කැදවුම්කරු සුමතිපාල මානවඩු මහතා පැවසුවා. වංචාව සිදුවීමට යන්නේ එම බලවේග කට්ටල සහ දුම්රියන් නැව් මගින් ප‍්‍රවාහනයේදීයි. ටෙන්ඩර් කැදවීමේදී අඩු මිළ ගණන් ඉදිරිපත් කළ සමාගම් පසෙක දමා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරන සමාගමකට ප‍්‍රවාහනය භාර දී තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන අලාභය අමෙරිකානු ඩොලර් හැත්තෑ අට දහසක්. 
මහජනතාව සහ වෘත්තීය සමිති නිහඩව සිටීමද වංචාවලට සහය දීමක් බව සුමතිපාල මානවඩු මහතා පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum