මරගම පිළිකා රෝහලේ තහනම් ඖෂධ

Monday, July 09, 2012


විලවුන් උපකරණ හා  ඖෂධ නියාමන ජාතික අධිකාරිය විසින් භාවිතය තහනම් කෙරුණු ඖෂධයක් මහරගම පිළිකා රෝහලේ තවමත් භාවිත කෙරෙන බව නෙත් එෆ් රේඩියෝව අද අනාවරණ කළා. ලිග්නොකේන් හයිඩ්‍රොක්ලෝරයිඞ් හෙවත් ”එනසිකා” නම් ජෙල් විශේෂය එම ඖෂධයයි. පිළිකා රෝගීන්ට මුත‍්‍රා බට හෝ නාසයට බට යෙදීමේදී එම ඖෂධය භාවිත කෙරෙනවා. ඒ නිසා, රෝගීන්ට අතුරු ආබාධ ඇති වන බවයි හදුනාගෙන තිබෙන්නේ. එම ඖෂධය භාවිතය තහනම් කෙරුණේ  ඉකුත් අපේ‍්‍රල් මස 09 වනදායි. එයින් මාස 03 කට පසුවත් මහරගම පිළිකා රෝහලේ එම ඖෂධය භාවිත වීම ගැටළුවක් නොවේදැයි නෙත් එෆ් රේඩියෝව  විලවුන් උපකරණ හා  ඖෂධ නියාමන ජාතික අධිකාරියෙන් විමසීමක් කළා.  එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ඊට දී තිබෙන්නේ මෙවැනි පිළිතුරක්.




එෆ් රේඩියෝව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන්ද විමසීමක් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසා ඇත්තේ වහාම කරුණු සොයා බලන බවයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum