ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් අමන්දානන්දයට පත් කළ විට්නි හුස්ටන් මියගියේ කෙසේදැ යි සැක සංකා නිර්මාණ වෙමින් තිබෙනවා. අද (පෙබ 13) පැවැත්වෙන් ග්‍රැමී සම්මාන උළෙලකට සහභාගීවීම සදහා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සුපිරි හෝටලයකට පැමිණ සිටි විට්නි හූස්ටන් ඊයේ පස්වරැවේ මියගිය බවයි ඇගේ ප්‍රකාශිකාවක් පැවසුවේ. විටින්ගේ සිරුර ඇය නැවතී සිටි කාමරයේ නාන කාමරයේ නාන බේසමේ තිබූ බව සිද්ධිය දුටුවන් පවසනවා. ඇගේ හිස ජලයේ ගිලී තිබූ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
විට්නි හුස්ටන් මත්ද්‍රව්‍ය වලට ඉතා තදින් ඇබ්බැහි වී සිටියා. මරණයට හේතුව ද මත්ද්‍රව්‍ය විය හැකියැ යි සමහරුන් පවසන්නේ. ඒ බව තහවුරු කරගැනීම සදහා සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ වලට යොමුකර තිබෙනවා. ඒවායේ ප්‍රථිපල ලැබීමට සති 6 ක් පමණ යනු ඇති බවයි BBC ලෝක සේවය පවසන්නේ. මරණය සිදුවූ හෝටලයේ සහ අවට පොලිස් නිලධාරීන රදවා සිටිනවා. විට්නි හුස්ටන්ගේ සිරුර හොටලයෙන් බැහැරට රැගෙන යාමට පෙර එය ද ඔවුන්ගේ විමර්ශනයට ලක්වූ බවයි BBC ලෝක සේවය පවසන්නේ.
විට්නි හුස්ටන් මිය යන විට 48 වන වියේ පසුවුණා. ලෝකයේ වැඩිම සම්මාන ලාභි ගායිකාව ද ඇයයි. චිත්‍රපට 7 ක් සදහා ඇ රංගන දායකත්වය ද ලබා දී තිබෙනවා.
Liyana kena wayasa harita daala naha