එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ට දැනුම් දීමක් ලැබී තිබෙනවා. බුද්ධික පතිරණ මහතාට විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත්තේ හෙට පස්වරු 5ටයි. ලබන 13 වැනිදා විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි ශිරාල් ලක්තිලක මහතාට දැනුම් දී තිබෙනවා. ශිරාල් ලක්තිලක මහතාට චෝදනා පත‍්‍රයක්ද භාරදී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. එහෙත් බුද්ධික පතිරණ මහතාට විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත්තේ සම්මුතියකට එළැඹීම සඳහායි. ඔවුන් දෙදෙනාගේම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැනට අත්හිටුවා තිබෙනවා.
0 comments:
Post a Comment