අධිකරණයට අපහාස කළ බවට පකිස්ථාන අගමැතිට නඩු

Monday, February 13, 2012

අධිකරණයට අපහාස කළ බවට පකිස්තාන අග‍්‍රාමාත්‍ය යුසූෆ් රාසා ගිලානිට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ගොනු කෙරුණා. එම චෝදනාවල දැක්වෙන්නේ ජනාධිපති අසීෆ් අල් සර්දාරීට එරෙහි දූෂණ චෝදනා නඩු ගොනු යළි විවෘත කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අපොහොසත් වූ බවයි. එම නඩු ගොනු යළි විවෘත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද කර තිබුණා. අග‍්‍රාමාත්‍යවරයා විසින් එයද නොසළකා හැරි බවයි චෝදනාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් තමා චෝදනාවලට නිවැරදිකරු බවට අග‍්‍රාමාත්‍යවරයා පවසනවා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ නඩු ගොනුවල ස`දහන් කරුණු ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කිරීමත් රාජ්‍ය නායකයා ලෙස ඔහුට විශේෂ වරප‍්‍රසාද හිමිව තිබීමත්. නගා ඇති චෝදනා දේශපාලන න්‍යාය පත‍්‍රයක ප‍්‍රථිපලයක් බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා. නඩුව යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ ලබන 28 වනදායි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum