බංග්ලාදේශයේ ඉකුත්දා පැවැත්වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගතතේ පකිස්ථානයි. අවසන්ත තරගයේ වීරයා ලෙස ෂහිඩ් අෆ්රිඩි සම්මාන දිනාගත්තා.
දිනාගත් ශුරතාවත් සමග පකිස්තාන කණ්ඩායම ආපසු මව්රටට පැමිණියේ මහත් අභිමානයෙන්. ඔවුන් පිළිගැනීමට ක්‍රිඩාලෝලීන් ද විශාල පිරිසක් පැමිණ සිටියා. මාධ්‍යවේදින් සමග අදහස් දැක්වූ ෂහිඩ් අෆ්රිඩී එලෙස රැස්ව සිටි ක්‍රිඩාලෝලීන් අතරින් සිය මොටර් රථය වෙත් ඇවිද ගියා. ක්රිඩාලෝලීන්ගෙන් අෆ්රිඩීට ලැබුණේ උණුසම් පිළිගැනීමක්. එහි අධික තදබදයක් ද ඇති වුණා. ඒ තෙරපීම නිසා අෆ්රිඩීගේ තුන් හැවිරිදි දියණිය බිමට අද වැටි තිබෙනවා.
ඒ දුටු අෆ්රිඩී හොදටම කෝප අරන්. කෝපය කොතෙක් ද කියනවනං දියණිය අසල සිටි ක්‍රීඩා ලෝලියෙක් තල්ලුකර දැමූ අෆ්රිඩී ඔහුට කම්මුල් පහරක් ද දී තිපෙනවා. ගැටුම තවදුරටත් දරැණු වීමට නොදී අෆ්රිඩීව පාලනය කරගෙන ඇත්තේ ඔහුගේ සොහොයුරා විසින්.
"මම දන්නවා මම වැරදි දෙයක් කලේ. මගේ කෝපය පාලනය කරගත යුතුව තිබුනා. එත් මගේ පුංචි දුව බිම ඇද වැටෙනකොට මගේ කෝපය මට පාලනය කරගන්න බැරුව ගියා."
ගැටුමෙන් පසු අෆ්රිඩී මාධ්‍යවේදීන් අමතා එසේ ප්‍රකාශ කළා.
0 comments:
Post a Comment