දකුණ රූකඩයක් - උතුර කියයි

Friday, December 30, 2011

උතුරු කොරියාවේ ප‍්‍රතිපත්ති තවදුරටත් නොවෙනස්ව පවත්වා ගන්නා බව එරට ආරක්ෂක කවුන්සිලය අද නිවේදනය කළා. හිටපු නායක කිම් ජොන්ග් ඉල්ගේ අභාවයත් සමග උතුරු කොරියාවේ ඇතැම් ප‍්‍රතිපත්ති වෙනස් වනු ඇති බවටයි විශ්වාසය පළව තිබුණේ. එහෙත්, එවැනි වෙනසක් අවශ්‍ය නොවන බව ආරක්ෂක කවුන්සිලය අද (දෙසැ 30) නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ප‍්‍රතිපත්ති වෙනස් වනු අතැයි විශ්වාසය පළ කළ රාජ්‍ය නායකයන් එම නිවේදනයේ දී හදුන්වා දී ඇත්තේ අඥානයන් ලෙසයි. දකුණු  කොරියාවේ පාලනාධිකාරිය රූකඩයක් ලෙස හදුන්වා දී තිබෙනවා. 
මේ අතර කිම් ජොන්ග් ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නව නායකයා ලෙස පත්ව සිටින්නේ ඔහුගේ පුත් කිම් ජොන්ග් අන්. උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ සහ හමුදාවේ නායකයා ලෙස ද කිම් ජොන්ග් අන් ඊයේ සිට පිළි ගැනුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum