ශී‍්‍ර ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා. පළමු තරගයේදී ලද දරුණු පරාජයේ අමිහිරි වේදනාවන්ද සමගයි
ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගයට පිවිසෙන්නේ. නැගෙනහිර ලන්ඩනයේ බෆලෝපාර්ක් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනවා. දිවා තරගයක් වන එය ශී‍්‍ර ලංකා වේලාවෙන් දහවල් 1 යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයට සහභාගි වූ දිල්හාර ප්‍රනාන්දු හා අජන්ත මෙන්ඩිස් ආබාධයන්ට ලක්ව ඇතැයි THE TRUTH වෙත වාර්තා වුණා. ඔවුන් වෙනුවට රංගන හේරත්, ධම්මික ප්‍රසාද් හා තිසර පෙරේරා යන කී‍්‍රඩකයන්ගෙන් දෙදෙනෙකු කණ්ඩායමට එක්වනු ඇති බවයි කණ්ඩායමට සමීප ආරංචි පැවසුවේ.
මේ අතර පුහුණුවීම් සඳහා උපරිමයෙන් කැපවී සිටින බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. අවශ්‍ය වන්නේ පුහුණුවේදී ප්‍රගුණ කරන දේ තරගයේදී යොදා ගැනීම බවයි ඩිල්ෂාන් අවධාරණය කළේ.
0 comments:
Post a Comment