නව තැපැල්පතිවරයා ලෙස රෝහණ අබේරත්න මහතා පත්කර ඇතැයි තැපැල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි පවසනවා. මෙම පත් කිරීමට අදාළව අනුමැතිය ලබා ගැනීමේ කැබිනට් පති‍්‍රකාවක් ඊයේ (ජන 26) රාතී‍්‍ර අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ බවද සඳහන්. වත්මන් තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා තමන් වෙනත් තනතුරක් සඳහා පත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.ඒ අනුව ලබන පෙබරවාරි පළමුවැනිදා සිට බලාත්මක වන පරිදි රෝහණ අබේරත්න මහතා මෙම තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අබේරත්න මහතා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක්.
මේ අතර තමා තනතුරෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් තමාට එරෙහි චෝදනා තහවුරු නොවන බව තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ තමන්ට විරෝධය පළ කළ වෘත්තීය සමිති මෙය ජයග්‍රහණයක් ලෙස නොසැලකිය යුතු බවයි.
0 comments:
Post a Comment