අමෙරිකාවෙන් , බි‍්‍රතාන්‍යයෙන් සහ ප‍්‍රංශයෙන් ඉරානයට රතු එළි.

Tuesday, January 10, 2012

යුරේනියම් බලගැන්වීම සඳහා ඉරානය විසින් අලූතින් ආරම්භ කෙරුණු බව කියන භූගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමෙරිකාව බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය විරෝධය පළ කරනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉරානය විසින් දිගින් දිගටම සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීම ජාත්‍යන්තර නීතිය උල්ලංගණය කිරීමක් බවයි. එබැවින් එම ව්‍යාපෘතීන් නවතා දමා අන්තර්ජාතික පරමානුක ඒජන්සිය සමග සහයෝගයෙන් කටයුතු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් කෙරෙනවා. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසන්නේ ඉරානය විසින් දිගින් දිගටම සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීම ලෝක සාමයට බාධාවක් බවයි. වහාම එම ව්‍යාපෘතීන් නවතා නොදැමුවහොත් තව තවත් සම්බාධක පැනවීමට අමෙරිකාවට සහ යුරෝපීය රටවලට සිදුවන බව ප‍්‍රංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. 
කෙසේ වෙතත් ඉරානය පවසන්නේ යුරේනියම් බලගැන්වීම නවතා නොදමන බවයි. එම ව්‍යාපෘතීන් සිදු කරනු ලබන්නේ යහපත් බලාපොරොත්තුවකින් බවද ඉරානය පවසනවා.  
මේ අතර ඉරානය විසින් ආරම්භ කළ බව  කියන යුරේනියම් බලගැන්වීමේ අලූත්ම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලෝකය හමුවේ කරුණු අනාවරණ වූයේ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින්. යුරේනියම් සියයට 20ක ප‍්‍රතිශතයක් දක්වා බලගැන්වීම එහිදී සිදු කෙරෙන බවද වාර්තාවේ දැක්වෙනවා. එසේ වුවහොත් න්‍යෂ්ටික අවි නිපදවීමක් පවා සිදු කළ හැකි බවයි අන්තර්ජාතික පරමානුක බලශක්ති එ්ජන්සිය පෙන්වා දෙන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum