බිරිදගේ රහස් ප‍්‍රදේශයට ගිනි තැබූ සැමියා රිමාන්ඩ්

Thursday, January 26, 2012

නියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප‍්‍රදේශයට පෙට‍්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කළා. සැකකරු කොළඹ තරු පහේ හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු ඉකුත් 12 වැනිදා මෙම අපරාධය සිදු කර  ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. රාත‍්‍රි 7 ට පමණ නිවසට පැමිණි සැකකරු නිවසේ ප‍්‍රධාන ට‍්‍රිප් ස්විචය විසන්ධි කර  බිරිය කාමරයක් තුළට  දමා ඇඳුම් ගලවා රහස් ප‍්‍රදේශයට පෙට‍්‍රල් වත්කර ලයිටරයකින් ගිනි අවුලවා තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරිය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. 


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum