අමෙරිකානු විරෝධයට විකිපීඩියාත් එක්වෙයි

Wednesday, January 18, 2012

එක්දින වැඩවර්ජනයක යෙදීමට විකිපීඩියා වෙබ් අඩවිය සූදානම් වනවා. එය ලෝකයේ සුලභව භාවිත කෙරෙන විශ්ව කෝෂයක්. වැඩවර්ජනයක යෙදෙන්නේ අමෙරිකාව විසින් පැනවීමට සූදානම් වන නව නීති කිහියකට විරෝධය පෑමට බව  එම වෙබ් අඩිවයේ පරිපාලකයන් පවසනවා. එම නීති පැනවීමෙන් පසු අන්තර්ජාලයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම අවහිර වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. වැඩවර්ජනය සිදු කරන දිනයේදී වෙබ් අඩවිය පරිශීලනය කිරීමට කිසිවෙකුට නොහැකි වන බවද ප‍්‍රකාශ කෙරුණා. ගූගල් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවිද ඉදිරියේදී එවැනි වැඩවර්ජනයකට එක්වනු ඇති බවටයි අනතුරු අඟවා තිබෙන්නේ. කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීමට අවහිර නොකරන බව අමෙරිකාව අවධාරණය කරනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum