වැල්ලම්පිටිය ප්රදේශයේ කලක් තිස්සේ කෙරුණු ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් පොලිසිය අද හෙලි කර ගත්තා. පුද්ගලයින් 06 දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනුණු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. ඔවුන් ලග තිබි ගංජා කිලෝ ග්රෑම් 50 කට ආසන්න ප්රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පළමුව අත්අඩංගුවට ගැනුණේ වැල්ලම්පිටිය ප්රදේශයට ගංජා බෙදා හරින බව කියන පුද්ගලයායි. කැළණිමුල්ලේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයාගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ගංජා සුළු පරිමාණයෙන් අලෙවි කරන බව කියන තුන්දෙනකු පසුව අත්අඩංගුවට ගැනුණා. ඒ, වෙලේවත්ත, ටී.සී.පාර සහ කැළණිමුල්ල යන ප්රදේශවලින්. වැඩිදුර ප්රශ්න කිරීම්වලින් හෙලිවුයේ ඔවුන් වෙත ගංජා ලැබෙන මුලස්ථානය ඇඹිලිපිටියේ පිහිටා ඇති බවයි. උපක්රමික වැටලීමක් මගින් එම මූලස්ථානයේ ක්රියාකාරීන් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගැනුණා.
0 comments:
Post a Comment