ලංකාවට තරු පෙන්වූ කලිස්

Wednesday, January 04, 2012

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ තුන්වැනි තරගයේ දෙවැනි දිනය අදයි. පළමු තරග දෙකේදීම අසාර්ථක වූ ජක් කලිස් යළිත් ලකුණු අතරට පිවිසීමට ඊයේ සමත් වුණා. තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3ක් දැවී ලකුණු 347 යි. ලකුණු 56ක් වන විට පළමු කඩුලූ දෙක දවා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී සිටියා. තරගයේ අණසක දකුණු අපි‍්‍රකාව විසින් උදුරා ගත්තේ ජක් කලිස් සහ ඇල්විරෝ පීටර්සන් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 205ක සබඳතාවක් සමගයි. පීටර්සන් ලකුණු 109කට දැවී ගියා. ජක් කලිස් නොදැවී ලකුණු 159ක් ලබාගෙන සිටිනවා. පළමු කඩුලූ දෙක දවා ගත්තේ ධම්මික ප‍්‍රසාද් විසින්. අනෙක් කඩුල්ල චානක වෙලගෙදර විසින් දවා ගනු ලැබුවා. තරගය පැවැත්වෙන්නේ කේප්ටවුන් හි නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum