දීපිකාට බැරි දේ අමීෂා කරන්නංලු

Saturday, July 21, 2012

බොලිවුඩය තුළ මැකීයමින් පවතින සිය වෘත්තීය අභිමානය තවදුරටත් රැකගැනීමට  සුරූපී නිළි අමීෂා පටෙල් උත්සහ කරමින් සිටිනවා.2008 වසරේ අති සාර්ථක ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ,රේස්, චිත්‍රපටයේ දෙවන ‍කොටස ලෙස අබ්බාස් - මුස්තාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ,රේස් 2, චිත්‍රපටයේ සහය චරිතයක් සඳහා අමීෂාට ලැබී ඇති ආරාධනාව මේ සඳහා අවස්ථාවක් වී ඇති බව ද සඳහන්. කෙසේවෙතත් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා ආරාධනා ලැබ සිටින දීපිකා පදුකෝන්ගේ නොපැමිණීමත් සමග අමීෂා එම ප්‍රධාන චරිතය තමන් වෙත ලබාගැනීම සඳහා උපරිම උත්සාහය දරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා. දීපිකා චිත්‍රපටයෙන් ඉවත්කිරිමට හේතු වී ඇත්තේ නිෂ්පාදක රමේෂ් එස්ග තෞරානි සමග මත භේදයක්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum