එස්.එල්.පී.එල්. වැඩිම මිල ගේල්ට

Saturday, July 07, 2012


එස්.එල්.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කි‍්‍රස් ගේල්. අමෙරිකානු ඩොලර් ලක්ෂයක මිලකට ඔහු ඌව කණ්ඩායම විසින් ඔහු මිලදී ගැනුනා. රුහුණ කණ්ඩායම විසින් මිලදී ගැනුනු පකිස්තානයේ සයීඞ් අෆ්රිඩි වෙනුවෙන් නියම වූ මිල අමෙරිකානු ඩොලර් පනස් දහසක්. ඔස්ටේ‍්‍රලියාවේ ඩි නෑන්ස් , දකුණු අපි‍්‍රකාවේ ඇල්බී මෝර්කල්, පකිස්තානයේ සොයිබ් මලික් සහ ඔස්ටේ‍්‍රලියාවේ ඇන්ඩෲ මැක්ඩොනල්ඞ් යන කී‍්‍රඩකයන් අලෙවි වූයේ අමෙරිකානු ඩොලර් තිස්පන්දහසක මිලකටයි. ඞී නෑන්ස් බස්නාහිර කණ්ඩායම විසින්ද, ඇල්බී මෝර්කල් කඳුරට කණ්ඩායම විසින්ද මිලදී ගැනුනා. සොයිබ් මලික් සහ ඇන්ඩෲ මැක්ඩොනල්ඞ් යන කී‍්‍රඩකයින් දෙදෙනාම මිලදී ගැනුනේ ඌව කණ්ඩායම විසින්. 
මේ අතර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙන්දේසියේදී මුලින්ම අලෙවි වූයේ දිනේෂ් චන්දිමාල්. වයඹ කණ්ඩායමේ මහේල ජයවර්ධන විසින් ඔහු තෝරා ගැනුනා. එ් අමෙරිකානු ඩොලර් තිස්පන්දහසක මිලකටයි. වයස අවුරුදු 21න් පහළ කී‍්‍රඩකයන් අතරින් අකිල ධනංජය මුලින්ම අලෙවි වුණා. ඔහුද මිලදී ගැනුනේ වයඹ කණ්ඩායම විසින්. ප‍්‍රවීණ කී‍්‍රඩක සනත් ජයසූරිය කඳුරට කණ්ඩායම විසින්ද, චමින්ද වාස් වයඹ කණ්ඩායම විසින්ද මිලදි ගැනුනා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum