මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්තී‍්‍ර ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ මරණය සැක කටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසනවා. කුරුණෑගල දියගමපළ මාර්ගයේ මාඔස්සාව පාලම යට තිබී මන්තී‍්‍රවරයාගේ මළ සිරුර ඊයේ (දෙසැ 29) සොයා ගැනුනා. ඔහු ගමන් ගත් යතුරු පැදියද ඒ අසල වැටී තිබුණා. නමුත් මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් ලෙස සැලකිය නොහැකි බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා විසින් මරණය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව සඳහන්. මන්තී‍්‍රවරයාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා විසින් අද පැවැත්වීමට නියමිතයි.
0 comments:
Post a Comment