දැනට නිකුත් කර ඇති උසස් පෙළ ප්‍රතිඵල අනුව ජීව විද්‍යාව අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත රුවන් පතිරණ සමත්ව සිටිනවා. වානිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටින්නේ දෙබරවැව ජාතික පාසලේ ඉෂාරා දිල්හානි ගමගේයි. කලා අංශයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සචින්තනි කෞශල්‍යා සේනානායක සමත්ව සිටිනවා. ඇයට මුදලින් රුපියල් ලක්ෂයක් ත්‍යාගයක් ලෙස ලබා දෙන බවයි සබරගමුව පළාත් සභාව පවසන්නේ. කෙසේ වෙතත් එක් එක් අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලැබුවන් පිළිබඳ නිල වාර්තා මෙතෙක් නිකුත් කර නැහැ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට තවත් දිනක් හෝ කිහිපයක් ගත වන බවයි.
0 comments:
Post a Comment