අමෙරිකාවට පෙනෙන මානයේ ඉරානය යුධ අභ්‍යාසයක.

Tuesday, December 27, 2011

ඉරාන නාවික හමුදාව පර්සියානු බොක්ක ආශ‍්‍රීත ප‍්‍රදේශයේදී දින 10 ක යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. අමෙරිකානු නිරික්‍ෂණ යාත‍්‍රා පෙලක් නතර කර ඇති සීමාවට ඉතා සමිපව එම යුධ අභ්‍යාසය සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සැක පළ කරනවා. එහෙත් එම න්‍යෂ්ඨික වැඩපිළිවෙල විනාශකාරී අරමුණක් නොව සාමකාමී යහපත් අරමුණක් වෙනුවෙන් පවත්වා ගෙන යන බවයි ඉරානය දිගින් දිගටම අවධාරණය කරන්නේ. 
මේ අතර ඉරාන නාවික හමුදාව විසින් ආරම්භ කර ඇති යුධ අභ්‍යාසය සඳහා කිලෝ මීටර් 2000 ක පමණ සාගර ප‍්‍රදේශයක් යොදා ගෙන තිබෙනවා. එය ඉරානය සතු නාවික බලය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum