සහතික වැඩක් නෑ...

Wednesday, December 28, 2011

දහම් පාසල් අධ්‍යාපනය සහතිකයකට පමණක් සීමා වන්නේ නම් එය ඵලදායී නොවන බව අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා පෙන්වා දෙනවා. පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනයද දැන් විභාගයක් සමත් වීමේ තරගයක් ලෙස පටු අරමුණකට සීමා වී ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ උළෙලට අරලියගහ මන්දිරයේදී ඊයේ (දෙසැ 27) සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළා. 
දහම් පාසල් පවත්වාගෙන නොයන විහාරස්ථාන අටසියයක් පමණ රටපුරා තිබෙන බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එම විහාරස්ථානවලද දහම් පාසල් ආරම්භ කිරීමටද කඩිනමින් පියවර ගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum