ලිබියාවේ හිටපු නායක කර්නල් මුහම්මර් ගඩාෆි බලයෙන් පලවා හැරීම සඳහා සහය වූ කැරළිකරුවන් දහස් ගණනක් ලබන වසරේ සිට හමුදා සේවයට අනුයුක්ත කර ගන්නා බව එරට අන්තර්වාර ආණ්ඩුව පවසනවා. තවත් පොලිස් සේවයටත් , ඇතැම් අය සිවිල් සේවයටත් , අනුයුක්ත කිරීමට නියමිතයි. ගඩාෆි පාලන සමයේදී බල රහිත කර තිබු හමුදාව යළි ශක්තිමත් කිරීම එහි අපේක්ෂාවක් වනවා. කැරළිකරුවන් වැරදි මාර්ගයකට පිවිසීම වළක්වාලමින් තවදුරටත් ඔවුන්ගේ පාලනය තමන් වෙත රඳවා ගැනීම තවත් අපේක්ෂාවක් බවයි එරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. අගනගරය වන ටි‍්‍රපෝලි වෙතින් වහාම පිටව යන්නැයි කැරළිකරුවන්ටද මීට පෙර නියෝගයක් නිකුත් කෙරුණා. එහෙත් කැරළි නායකයන් තවමත් නගරයේ රැඳී සිටිමින් සෝදිසි මුරපොළ කිහිපයක් මෙහෙයවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
0 comments:
Post a Comment