බි‍්‍රතාන්‍ය සංචාරකයෙකු ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙකු අත්අඩංගුවට

Wednesday, December 28, 2011

තංගල්ලේ සංචාරයක හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු ඊයේ පස්වරුවේ පොලීසියට භාර වුණා. එ් අනුව එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට භාර වූ සැකකරුවන්ගේ ගණන 5ක්. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතාද එ් අතර සිටිනවා. එ් මහතා සහ තවත් අයෙකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය ඊයේ නියෝග කළේ. තවත් තුන්දෙනෙකු ඊට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පොලීසිය පවසන්නේ සැකකරුවන් පලාගිය වාහනයේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි. එම වාහනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum