ජාතික පාසල් මාරු මණ්ඩලය නොකැඳවීම නිසා ගුරුවරුන් 3800 කගේ ස්ථාන මාරුවීම් නතර වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ගුරු ඌණතාවයෙන් පීඩා විඳින පාසල් දරුවන් මෙම නිසා පීඩාවට පත්ව ඇති බවයි. 2012 වසර සඳහා ඉදිරිපත්ව ඇති අයදුම්පත් සලකා බැලීමට ගුරු මාරු මණ්ඩලය මෙතෙක් කැඳවා නැහැ. එම නිසා ජාතික පාසල්වල වාර්ෂික කාලසටහන් සැකසීම ද ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මෙය ගුරුවරුන්ට සිදුකරන බලවත් අසාධාරණයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කඩිනමින් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය කැඳවන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
0 comments:
Post a Comment