වයස අවුරුදු 16ක පාසල් සිසුවියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවාලයක කපු මහතෙකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. ඒ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු විසින්. අතවරයට පත් දැරියට මුදලින් රුපියල් හැත්තෑපන්දහසක්ද රුපියල් දස දහසක දඩ මුදලක්ද ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. වැලිඔය ඇතැවැටුණවැව ප‍්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. එලෙස දඩුවමට ලක් වූ කපු මහතාගේ වයස වයස අවුරුදු 70ක් පමණ වනවා. වයස්ගතභාවය සලකා දඬුවම ලිහිල් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එහෙත් එම ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
0 comments:
Post a Comment