විභාග අංකය වෙනුවට හැදුනුම්පත් අංකය

Monday, January 02, 2012

විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිට සෙසු සියලුම විභාග සඳහා එක්‌ අයදුම්කරුවකුට ජීවිත කාලය පුරාම එක්‌ විභාග අංකයක්‌ හඳුන්වා දීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
එම අංකය ලෙස අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති අතර අංක හතකින් යුත් විභාග අංකය අංක අටක්‌ දක්‌වා වැඩි කළහොත් මෙම ගැටලුව නිරාකරණය කළ හැකි යයිද විභාග දෙපාර්තමේන්තුව කියා සිටී. එහෙත් එය සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන බවද ඔවුන් පෙන්වා දෙයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum