දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රයිනෝ ප්‍රදර්ශන කලාපයක් ඉදිකිරිමට තීරණය කර තිබෙනවා. රයිනෝ සත්ත්වයා මේ වන විට වද වි යාමේ තර්ජනයකට මුහුණ දී සිටීම ඊට හේතුවයි. සත්වෝද්‍යානයේ සිටින රයිනෝ යුවල බිහිකරන පැටවුන් ආරක්ෂා කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. රයිනෝවන් සිටින කුටියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නව කුටි ඉදිකිරීමට රුපියල් මිලියන 27 ක මුදලක් වැය කිරීමටයි ඇස්තමේන්තු කර ඇත්තේ. දෙහිවල සත්වෝද්‍යානය තුල සිටින සත්ත්ව පැටවුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
0 comments:
Post a Comment