බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමූවන් 5 දෙනෙකු හදුනාගැනේ

Friday, January 06, 2012

තංගල්ල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (ජන 05) හඳුනා ගැනුනා. ඒ  තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීයි. උදෑසන 10 ට පමණ ආරම්භ කෙරුණු මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව රාතී‍්‍ර 10 යි 15 පමණ දක්වා පැවති බවයි THE TRURH පැවසුවේ. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් 14 දෙනෙකු ඉදිරිපත් කර තිබුණා. ඉන් සාක්ෂිකරුවන් 13 දෙනෙකු එම සැකකරුවන් ඝාතනය සිදු කළ ස්ථානයේ සිටි බව හඳුනා ගත්තා. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතාද ඒ අතර වනවා. එහෙත් ඝාතනයට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වන රුසියානු ජාතික තරුණිය විසින් කිසිදු සැකකරුවෙකු හඳුනා ගැණුනේ නැහැ.  හඳුනා ගැනුනු සැකකරුවන් තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය වෙත අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර උදෑසන සිට රාති‍්‍රය දක්වා කි‍්‍රයාත්මක වූ මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව හේතුවෙන් ඊයේ විභාග කිරීමට නියමිත නඩු සඳහා සහභාගි වූවන් අධිකරණ භූමියේ රැඳී සිටියා. රාති‍්‍ර 10 යි 15 ට හඳුනා ගැනීමේ පෙරට්ටුව අවසන් වීමෙන් පසු එම නඩු විභාගයට ගැනීමද විශේෂත්වයක්.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum