ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර කිරීමට යුරෝපීය රටවල් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුණා. මෙම මාසය අගදී පැවැත්වීමට නියමිත යුරෝපීය රටවල විදේශීය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී එ් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ලෝක සාමයට බාධාවක් වන න්‍යෂ්ටික වැඩපිළිවෙළ වහාම නතර කරන්නැයි ඉරානයට බල කිරීම එහි අපේක්ෂාව වනවා.
මේ අතර ඉරාන මහ බැංකුවේ දේපළ තහනම් කිරීමට අමෙරිකාව ඉකුත්දා තීරණය කළා. එහෙත් අමෙරිකාව හෝ යුරෝපීය රටවල්වල සම්බාධක නිසා සිය ආර්ථිකය අවධානමට ලක් නොවන බවයි ඉරානය පවසන්නේ. ඉරානයේ මුදල් ඒකකය වන රියාල්, ඉකුත්දා සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවප‍්‍රමාණය වුණා. ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ අමෙරිකාව විසින් පනවන ලද සම්බාධක ඊට හේතු වූ බවයි. එහෙත් ඉරානය ඒ බව ප‍්‍රතික්‍ෂප කළා.
0 comments:
Post a Comment