අමෙරිකාවෙන් චීනයටත් සම්බාධක

Monday, January 16, 2012

ඉරානය සමග ගණුදෙණුවල නිරත වීම නිසා චීන සමාගමකට සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. සුහායි ෂෙන්රෝන් නම් එම සමාගම ඉරානය සමග අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ගණුදෙණු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එම සමාගමට අමෙරිකාව සමග ගණුදෙණු කිරීමට හැකි බලපත‍්‍රය අවලංගු කර ඇතැයි ද විදෙස් වාර්තා පවසනවා. ඊට විරෝධය පළකරන චීනය පවසන්නේ අමෙරිකාව බලය අත්තනෝමතිකව භාවිත කරන බවයි. වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනය ද ඉරානය සමග බලශක්ති වෙළද හා ආර්ථික සහයෝගීතාව පවත්වා ගන්නා බව එරට විදේශ අමාත්‍යංශය පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum