පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමට මුදල් අයකරන බස්නාහිර පළාතේ පාසල් පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළේ පැමිණිලි භාර ගැනිම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් සිය කාර්යාලය හරහා ක‍්‍රියාත්මක බවයි. දරුවන්ගෙන් අය කර ගත හැක්කේ පහසුකම් හා සේවා ගාස්තු පමණයි. ආදී ශිෂ්‍ය සංගම් පාසල් නගා සිටුවීමේ කමිටු හෝ වෙනත් සංවිධාන මගින් නොයෙකුත් ආධාර පත‍්‍රිකා හරහා මුදල් අය කිරීම චක‍්‍ර ලේඛ ප‍්‍රකාරවම වරදක් වනවා.එවැනි සිදුවීම් 0112-698 410 හෝ 0759 - 22 23 00 යන දුරකථන අංකවලට දැනුම්දෙන්නැයි ඉල්ලීමක් කෙරුණා.
0 comments:
Post a Comment