ශවේන්ද්‍ර සිල්වාජගත් සංවිධානයේ සාමසාධක උපදේශක උණේ ඇත්තටම කොහොම ද ?

Sunday, January 29, 2012

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක මණ්ඩලයට තෝරා ගත්තේ ජගත් සංවිධාන මහලේකම්වරයා විසින් නොවන බව අනාවරණ වුණා. එ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෛනික ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදීයි. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ජගත් සංවිධාන මහලේකම්වරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කි පැවසුවේ ශවේන්ද්‍ර සිල්වා මහතා ආසියාතික රටවල් විසින් තෝරාගෙන ඇති බවයි. ඊට මහලේකම්වරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් එවැනි තනතුරකට පත් වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා වන්නේද ශවේන්ද්‍ර සිල්වා මහතායි. ඔහු මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කරනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum