මහජන සබදතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍යවරයා සහ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරුන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළ කරුණු එම පෙත්සමට ඇතුළත්. අමාත්‍යවරයාට එරෙහිව ද කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරු පිරිසක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් භාරදුන්නා. කැළණිය ආසනය තුළ පසුගිය කාලයේ දී සිදු වූ කප්පම් ගැනීම්, බියවැද්දීම් ඇතුළු අයථා ක‍්‍රියා ඊට ඇතුළත් වනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දෙපාර්ශවයෙන් ලැබී ඇති පෙත්සම් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
0 comments:
Post a Comment