බත් පතට පරිප්පුත් නැති වෙයි ද?

Tuesday, January 17, 2012

සීනි, පරිප්පු, ෆාම් ඔයිල් සහ සුදු ලූණු  සඳහා අය කළ ආනයන බදු පසුගිය සිකුරාදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එහෙත් අදාල භාණ්ඩවල ලෝක වෙළෙඳ පොලේ පවතින මිල ගණන් පහල ගොස් ඇති බැවින් දේශිය වෙළෙඳ පොලේ මෙම භාණ්ඩවල මිල ඉහළ නොයන බවයි අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. පරිප්පු සඳහා මෙතෙක් අය කළ රුපියල් දහයේ බද්ද රුපියල් 18 දක්වා ඉහළ දමා තිබෙනවා. සීනි ආනයනයේදී කිලෝග‍්‍රෑම් එකක් මත අය කළ රුපියල් 5ක් වූ ආනයන බද්ධ රුපියල් 10 දක්වා ඉහළ දැමුණා. සුදු ළුෑණු කිලෝග‍්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ බදු මුදල වූයේ රුපියල් 25ක්. එය රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු සංශෝධනය කළේ බදු ක‍්‍රමය සරල කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශය පවසනවා. අයවැය යෝජනා මගින් ආනයන භාණ්ඩ සඳහා අය කරන බදු කිහිපයක් වෙනුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද නමින් නව බද්දක් හඳුන්වා දුන්නා. ඒ අනුව බදු සංශෝධනය කළ භාණ්ඩ කිහිපයක් සඳහා නව බද්ද හඳුන්වා දුන් බවයි මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum