සිරස සුපර් ස්ටාර්හි කිරුළ හිස දැරූ සුරූපි අහිංසාකව මතක ද ? ඇය ශානිකා මධුමාලි රත්නායකයි. ශානිකා කොළඹින් ඈත පොල්ගහවෙල ප්‍රදේශයෙන් පැමිණි යුවතියක්. ජීවිතයේ ඈ විඳි දුක් දොම්නස් ‘‘සිරස සුපර් ස්ටාර්’’ නැරඹු අයට රහසක් නෙමෙයි. සිරස සුපර් ස්ටාර් ඒ දුක් දොම්නස් නිමා කළ සුරවිමනක් වුණා යැයි හැමෝම හිතන්න ඇති. ශානිකාත් එ් හීනයම දකින්න ඇති. එ්ත් ඇත්ත, හීනය තරම් සුන්දර නැහැ. සිරස සුපිරි කිරුළ දරා වේදිකාවෙන් පොළවට බැස්ස ශානිකාගේ මේ කතාව ඇහුවම ඔබටම එය වැටහේවි.
සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිවීමෙන් පසුව ගොඩක් දේවල් වුණා නේද ?
ඔව්, යහපත් දේවල් වගේම අමිහිරි අත්දැකීමුත් විඳින්න වුණා. තරගයේ ජයග්‍රහණයත් එක්කම ගායිකාවක් විදියට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. එ්ක විශේෂයි. විඳින්න වුණු අමිහිරි අත්දැකීම නම් මතක් කරන්නවත් කැමති නැහැ.
සුපිරි කිරුළ එක්ක ශානිකාට ලැබුණු වටිනා මෝටර් රථය ශානිකාට ලොකු කරදයක් වුණා කියලා ආරංචියි.
ඔව්. මම එ් මෝටර් රථය විකුණන්න තීරණය කළා. කුරුණෑගල පැත්තේ කාර් සේල් එකකට එ්ක භාර දුන්නා. එ් දවස්වල මට කැනඩාවේ සංගීත සංදර්ශනයකට යන්න වුණා. මං ගිහින් එන අතර එ් අය මගේ අත්සන යොදල ලියකියවිලි හදල වාහනේ විකුණලා. එ්කේ වටිනාකම ලක්ෂ 45 යි. අදත් මම දන්නේ නැහැ එ් කට්ටිය මගේ වාහනේ විකුණපු මුදල.
ශානිකා ඇයි එ් තරම් වටිනා වාහනයක් වංචාකරයින් අතට පත් කළේ
එ් පුද්ගලයින් අපේම ගමේ කට්ටියක්. සුපර්ස්ටාර් තරගයට මට උදව් කරන්නත් ඉදිරිපත් වුණා. මේ තරම් කපටිකමක් කරාවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.
නීතිය ඉදිරියට ගියේ නැද්ද
ඇත්තටම කියනවා නම් මම කවදාවත් පොලීසියකටත් ගිහින් තිබුණේ නැහැ. මට ඉන්නේ අම්මා විතරයි. අපේ අහිංසකකම දන්න හින්දයි මේ අය මෙහෙම දෙයක් කළේ. ඔය වෙලාවේ මට නීතිමය පියවර ගන්න උදව් කළේ සිරස ආයතනය. ඔවුන්ට පින් සිදුවන්න අර කපටි මිනිසුන්ගේ යම් මුදලක් ගන්න මට පුළුවන් වුණා. එ්ත් එ් නියමිත මුදලින් තුනෙන් එකකටත් වඩා අඩු මුදලක් එ් මුදල හරි ලැබුණේ සිරස නිසා නැතිනම් අර මිනිස්සු මට සතයක්වත් දෙන එකක් නැහැ.
නැදෑ හිතමිත්‍රාදීන් ශානිකා ගෙන් දුරස් වුණා කියලා ආරංචියි
හැමෝම නෙවෙයි කිහිදෙනෙක්. ඇත්තටම මම කාට හරි උදව් කරන්නේ යමක් බලාගෙන නෙමෙයි. එ්ත් හැමෝම එහෙම නැහැ. සුපර් ස්ටාර් තරගයෙන් මට ලක්ෂ දහය ලැබුණම ගොඩක් අය මගෙන් ගොඩක් දේවල් බලාපොරාත්තු වුණා. එ් හැමෝගෙම ඉල්ලිම් ඉටු කරන්න ලක්ෂ 10 මදි. මේ හැමෝම මට උදව් කරලා තියෙන්නේ යම් යම් බලාපොරොත්තු මත. අන්තිමට හැමෝම මාත් එක්ක තරහ වුණා.
දැන් ඉන්නේ පොල්ගහවෙල ගෙදර නෙමෙයි නේද
නැහැ.. අම්මා ගත්තු ඉඩමක ගේ හැදුවා. දැන් අම්මයි මමයි ඉන්නේ එ්කේ.
ශානිකා ජනතාවට පොරොන්දු වුණා බුදු මැදුරක් ඉදිකරන බව
ඔව්. එදා තරගයෙන් දිනුවම ම ප්‍රදේශයේ බුදු මැදුරක් හදනවා කියලා පොරාන්දු වුණා. එ්ත් එ්කට අකුල් හෙළුවේ එ් වටා පිටාවේම සමහරු. කොහොම හරි අන්තිමට බුදුමැදුර ඉදිකරන එක නතර කරන්න වුණා. එ් වෙනුවෙන් මම ඉගෙන ගත්තු මොන්ටිසෝරිය හදලා දෙන්න තිරණය කළා. දැන් එ්ක සිදුවෙමින් පවතිනවා. මට ලැබුණු සේරම දේවල් වතුරේ ගියා. ගේ හදන්න ඉතුරු මුදල් ටික වියදම් වුණා. අයේම මුල ඉඳන් තමයි ජීවිතය පටන් ගන්න වෙලා තියෙන්නේ. එ්ත් මට පුළුවන් තරමින් තවත් කෙනෙකු වෙනුවෙන් යමක් කරනවා. එ්ක මට ලොකු සතුටක්.
දුක්බර දේවල් කතා කළා. දැන් සතුටුදායක දේවල් කතාකරමු.
මේ දවස්වල ‘‘සඳ සිත්තම’‘ ටෙලි නාට්‍යයේ තේමා ගීයට එකතුවෙලා තියෙනවා. අමල් පෙරේරා මහතා සහ සමිතා මහත්මිය සමගයි මම ගීතය ගයන්නේ. මගේ ගුරුවරු දෙදෙනෙකු සමග එ් ගීතය ගයන්න ලැබීම ලොකු භාග්‍යයක්. එ් වගේම ‘‘ආදරේ අහස තරම්’’ ටෙලි නාට්‍ය තේමා ගීතය ගයන්කේ දුමාල් අයියය් මමයි. ඔයිට අමතරව ‘පුංචි කුඬේ’ ‘‘පැතූ පෙම්’’ ගීත කියන මම ගැයූ ගීත නිතරම ප්‍රචාරය වෙනවා. මගේ සී.ඞී. එකත් ළඟදීම අවුට් කරනවා.
පෞද්ගලික ජීවිතයෙන් සතුටුදායක ආරංචියක් තියෙනවා නේද? ඔහු ගැනත් කියන්න
(හිනැහී - ඔහු දැනට විදේශයක ඉන්නේ. වැඩි විස්තර පස්සේ කියන්නම්.
2012 දී ශානිකා ඔහුගේ කැදැල්ලට යනවද ?
(හිනැහී - තවම නැහැ. මම හිතාගෙන ඉන්නේ ඉන්දියාවට ගිහින් වැඩිදුර සංගිතය හදාරන්න. අනික විවාහවෙන්න තව කල් තියෙනවා. දැන්ම මගේ විවාහය වෙන එකක් නැහැ.
උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය
0 comments:
Post a Comment